Tuesday, February 4, 2014

සිරිමත් මම සකි ( කොල්ලන්ට විසේසයි ) 01

ෆේස්බුක් එකෙන් යාලුවෙක් එවපු ෆොටෝ එකක අන්තිමට තිබ්බ කවියක්....

යහපත් හොඳ ගති 
කිසිවක් ළඟ නැති
සිරිමත් මම සකි
දැන් බේබද්දෙකි

ඔය කවිය පොඩි වුනාට මේ කියන්නේ දැන් ලංකාවේ කොල්ලෝ සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි ඉවර වුණ ගමන් වැටෙන තත්වේ. කොල්ලෙක් බොන එක වැරදිද ? නෑ , හැබැයි අසම්මත විදිහට බොන එක වැරදියි. සමහරු සෙට් වුනොත් බොනවා , සමහරු බොන්නම සෙට් වෙනවා , 

මේ අනේ ඔයා බොනවද ?
ඔව් ටිකක් විතර පාවිච්චි කරනවා.....

එහෙනම් ආයේ මාත් එක්ක කතා කරන්න එපා ! මේ ටික අහල පුරුදු නැති කොල්ලෙක් ඉන්නවද ? දැන් කස්ටිය හිතනවා ඇති මම අමද්‍යප පොස්ට් එකක් දාන්න යනවා කියල. වැරදියි ! මේ ආරම්භයක් ගත්තේ ලෝකේ තියෙන මත්වෙන්න පාවිච්චි කරන ජාති සබ්බ සකලමනාව ගැන පොඩි විස්තරයක් දෙන්න. එකේ පලවෙනි පියවර හැටියට අද මාතෘකාව මත්පැන් 

මත්පැන් විශේෂයක් කියන්නේ බොහෝවිට ආසවනය එහෙමත් නැත්තම් සුද්ද සිංහලෙන් පෙරනවා කියන්නේ අන්න ඒ ක්‍රමෙන් වෙන්කරගන්න පානයක්. මේවගේ යම්කිසි එතනෝල් එහෙමත් නැත්තම් මධ්‍යසාර ප්‍රමාණයක් අඩංගුයි. හැබැයි පෙරන්නේ නැතුව හදාගන්න මත්පැන් ජාති ත් තියෙනවා ඒ තමයි බියර් , වයින් , ඇපල් සුරා (cider). ඒ ඒ මත්පැන් විශේෂයේ හැටියට අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය වෙනස් වෙනවා බොහෝවිට මේක උපරිම 65% වගේ වෙනවා.

අඩුම ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු වෙන්නේ පලතුරු යුෂ වල වන අතර ඒ 1% එමෙන්ම අමිශ්‍ර ස්ප්‍රීතු හෙවත් මධ්‍යසාර වල මේ ප්‍රතිශතය 96% වෙනවා. දැන් ඉතින් ලිස්ට් එක බලමු


  • බියර් (Beer)

බියර් කියන්නේ ජනප්‍රිය ඇඟ උණුසුම් කිරීමේ පානයක් විදිහට ගන්න පුළුවන් මධ්‍යසාර විශේෂයක්.පැසවීම එහෙමත් නැත්තනම් එන්සයිම ක්‍රියාකිරීම මගින් නිෂ්පාදනය කරන්නේ. ප්‍රධාන වශයෙන් මෝල්ට් බාර්ලි සහ මෝල්ට් තිරිඟු යොදාගන්නවා. සාමාන්යෙන් ABV එහමත් නැත්තම් ඇල්කොහොල් ප්‍රතිශතය 4% - 8% වෙන්න පුළුවන්. රුපයේ තියෙන්නේ මූණ ඇඹුල් කරගන්නේ නැතුව බොන්න පුළුවන් ඇමෙරිකාව වගේ රටවල් වල අංක එකේ බියර් වර්ගයක්. ලංකාවේ මුදලින් රුපියල් 475 වගේ වෙනවා.

  • වයින් (wine)
වයින් කියන්නේ සශ්‍රීකත්වයේ පානය වගේ එකක්. :p වයින් නිෂ්පාදනය කරන්නෙත් පැසවීම මගින් තමයි. වයින් කියන්නේ පරණ වෙන්න වෙන්න වටිනාකම ඉහල යන මත්පැන් විශේෂයක්. බොහෝවිට මිදී වලින් තමයි වයින් හදන්නේ ඊට අමතරව සහල්, දෙළුම් හෝ වෙනත් පලතුරු භාවිතා කරනවා. වයින් ප්‍රභේද දෙකයි ඒ සුදු වයින් රතු වයින් සුදු කීවට එක නිකන් කහපාටයි. එහෙම කරන්නේ ගොඩක් වෙලාවට මුලික අදියරේදී මිදී පල්ප් එකට වර්ණක යොදා නොගැනීමෙන්. වයින් වල 10% - 15% අතර ඇල්කොහොල් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්.
  • විස්කි / බ්‍රැන්ඩි
විස්කි හදන්නෙත් විශේෂ ධාන්‍ය වර්ග දැව බැරල් තුල පැසවීමට ලක්කිරීමෙන්. යොදාගන්න ධාන්‍ය වර්ග අනුව තත්වය වෙනස් වෙනවා. හැබැයි විස්කි වලදී වෙන්නේ පැසවීම පමණක්ම නෙමෙයි , ආසවනය කියන ක්‍රියාවලිය එහෙමත් නැත්තම් පෙරනවා කියන්නේ අන්න එකත වෙනවා. සාමන්යෙන් 40% තමා ඇල්කොහොල් තියෙන්නේ හැබැයි මේ ප්‍රමාණය 60% වෙන්න පුළුවන්. විස්කි සාමන්යෙන් වතුර , එහෙමත් නැත්තම් අයිස් කැට (on the rock) අඩුම ගානේ කෝක් එක්ක වගේ ගන්න පුළුවන්. 
බ්‍රැන්ඩි හැදෙන්නේ වයින් ආසවනයට බාජනය කරලා කිවොත් නිවැරදියි. ඒ කියන්නේ වයින් එකෙත් හොඳම හරිය පෙරාගන්නවා බ්‍රැන්ඩි වලදී. බ්‍රැන්ඩි වල සාමාන්‍යයෙන් 35% -60% අතර ඇල්කොහොල් ප්‍රමාණයක් තියෙනවා. බ්‍රැන්ඩි සාමන්යෙන් සැන්ටින් කරන්නේ උණු වතුර එක්ක. බ්‍රැන්ඩි ග්ලාස් එක අල්ලන්න ඕනෙත් අතේ රස්නේ දැනෙන විදිහට. (රුපය බලන්න )

                                    

  • ජින් / රම්
ජින් වල ඔරිජිනල්ම එක හැදෙන්නේ ජුනිපර් (Juniper berries) කියන පලතුරු සාරය ආසවනයට භාජනය කිරීමෙන්. දැන්නම් වෙන අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවන ජින් වලට කෘත්‍රිමව මේ රසය යොදනවා. සාමන්යෙන් ජින් 40%-50% අතර ඇල්කොහොල් ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ජින් එක්ක යන ශැන්ඩි එක නම් පලතුරු යුෂ, ලෝකල් නම් නෙක්ටා එකක්. කොක්ටේල් එකක් විදිහටත් ගන්නවා. 
රම් හදන්නේ උක් යුෂ වලින්. රම් සාමාන්යෙන් ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි මත්පැන් වර්ගයක් (37.5%-80% ) රම් කොල්ලන්ගේ බාෂාවෙන් කියනවනම් අමුවෙන් ගහන එක තම ක්‍රමේ.
  • වොඩ්කා
වොඩ්කා කියද්දීත් සමහරු බයයි , අම්බෝ වැඩියෙන්ම වදින එක ලු අරකලු මෙකලු. ඇත්තෙන්ම වොඩ්කා කියන්නේ රුසියාවෙන් බිහිවුන මත්පැන් විශේෂයක් සාමාන්යෙන් වොඩ්කා එකක ඇල්කොහොල් ප්‍රතිශතය 37.5% අඩු වෙන්නේ නෑ. හැබැයි මේක 55% ඉක්මවන්නේ කලාතුරකින්. හැබැයි වොඩ්කා ප්‍රභලයි. හේතුව වොඩ්කා හැදෙන්නේ එතනෝල් සහ වතුර කලාතුරකින් යම් පලතුරු සාරයන් යොදාගනිමින්. එතනෝල් එහෙමත් නැත්තම් එතීල් ඇල්කොහොල් වල ABV එක 96% පමණ කිව්වා මතක ඇතිනේ. සාමාන්‍යයෙන් වොඩ්කා ලෙමනේඩ් , දොඩම් යුෂ එක්ක හරි සෝඩා එක්ක බොන්න පුළුවන්. පහල රුපයේ තියෙන්නේ ලෝකයේ ජනප්‍රිය වොඩ්කා නාමයක් (Absolut) යටතේ එන රස කිහිපයක වොඩ්කා 
තව මේ ප්‍රධාන මත්පැන් විශේෂ වලට අමතරව විවිධ මත්පැන් විශේෂ දහස්ගණනක් ලෝකයේ විවිධ රටවල් වල ව්‍යාප්ත වෙලා තියෙනවා උදාහරනෙකට ලංකාවේ අපිට නම් කසියා තමයි. :p

ඔබට සිතැඟි ඕනෑම මත්පැන් ප්‍රශ්නයක් කමෙන්ට් කරන්ඩ, අප සතු විසේස විද්වත් කමිටුව ඒ සඳහා පිළිතුරු ලබාදෙනවා ඇත. හැබැයි පුතෝ බොන හැටි ඉගෙන ගත්තට , බොනවා එහෙම නෙමෙයි. තිතට මත සංකල්පේ ක්‍රියාත්මක වෙන්ඩ ඕනේ.