පැයක් පැය එකහමාරක් වගේ ඇතුලත ඇනිමේසන් ෆිල්ම් එකක් බලල ඉවර කරන ඕගොල්ලෝ කවුරු හරි හිතුවද මේ ෆිල්ම් එකක් හදන්න කොච්චර කල් ගත වෙනවද කියල , දල වශයෙන් අවුරුදු 2 -3 ප්‍රමානයක්. හැම චිත්‍රපටියකම ගහක් , කොලයක් විතරක් නෙමේ සියුම් කෙස් ගහක් පවා සජීවීකරණය වෙන්නේ ලෝකේ අති දැවැන්ත සමාගම් එහෙම නැත්තම් ස්ටුඩියෝ තුල. ලෝකයේ එවැනි ප්‍රසිද්ද ආයතන දෙකක් තමයි Dreamworks සහ Disney කියන්නේ. අපි බලමු Dreamsworks ආයතනය ඇතුලේ කොහොමද මේ කටයුත්ත වෙන්නේ කියල.
වගේ පළවෙනිම පියවර තමයි චිත්‍රපටියක් සඳහාඅවශ්‍ය කතාවක් තෝරාගන්න එක. එක සමහරවිට ඔවුන්ගේම අදහසක් එහෙමත් නැත්තම් ප්‍රසිද්ද පොතක් , නාට්‍යක් ඇසුරෙන් උපුටාගත්ත එකක් වෙන්න පුළුවන්.කතාව තෝරාගැනීමෙන් පසුව එය Storyboard Artist ශිල්පීන් වෙත යොමු කරනවා. මේ පිරිස තමයි අදාළ චරිත , අවස්ථා සියල්ලටම මුලික සැලැස්ම සකසන්නේ. ඇත්තෙන්ම කිවොත් මේ අය තමා පන පොවන චරිත මුලින්ම කටුසටහන් විදිහට අඳින්නේ. හරියටම චිත්‍රකතා
පොතක එනවා වගේ කතා මාලාවක් වගේ ඒ ඒ චරිත ඒ ඒ අවස්ථා නිර්මාණය කරන්නේ මේ Storyboard Artistලා. ඊට පස්සේ තමා මේක නිෂ්පාදක වරු සහ අධ්‍යක්ෂක වරු නිර්දේශ කරන්නේ. අනුමත වුනොතින් ඉදිරි පියවර ට යනවා.
පොතක එනවා වගේ කතා මාලාවක් වගේ ඒ ඒ චරිත ඒ ඒ අවස්ථා නිර්මාණය කරන්නේ මේ Storyboard Artistලා. ඊට පස්සේ තමා මේක නිෂ්පාදක වරු සහ අධ්‍යක්ෂක වරු නිර්දේශ කරන්නේ. අනුමත වුනොතින් ඉදිරි පියවර ට යනවා.
ඊළඟ පියවරෙන් කරන්නේ මේ චරිත , අවස්ථා , පසුතල සියල්ල ඩිජිටල් ආකාරයෙන් නිර්මාණය කරනවා ඒ සඳහා යොදාගන්න මෘදුකාංග ඉතා ඉහල තාක්ෂණික හැකියාවන්ගෙන් යුක්තයි. මේ විදිහට නිර්මාණය කරන ලද කොටස් යොදාගෙන Story reel එකක් හදනවා. එකට තාවකාලිකව යම් යම් දෙබස් සංගීතය ආදිය ඇතුලත් කරනවා. මේ පියවර සාමන්‍යයෙන් මාස 18 පමණ කාලයක් තිස්සේ සිදුකෙරෙනවා. මේ පියවර වෙන අතරේම Visual Development කියන පියවරත් පටන් ගන්නවා එකේදී තමා ෆිල්ම් එකේ පෙනුම , වර්ණ , සංගීතමය රටා සියල්ල නිර්මාණය වෙන්නේ
මීළඟ පියවර Dreamworks ආයතනයට ආවේනික වුන තාක්ෂණයක් එක්ක සිදුකෙරෙන දෙයක් ඒ තමයි "ත්‍රිමානේක්ෂ නිර්මාණකරණය" එහෙමත් නැත්තම් Stereoscopic 3D මේකේ පියවර දෙකක් තියෙනවා. ඒ Stereoscopic 3D 01 , Stereoscopic 3D 02 මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිදුකරන්නේ අධ්‍යක්ෂකවරයාට ත්‍රිමාන පරිසරයක් තුල ඒ චරිත සමග Interact වෙන්න කෘත්‍රිම පරිසරයක් හදලා දෙන එක. ( රූපය බලන්න )
මේ වැදගත්ම එහෙමත් නැත්තම් හර පියවර 03 ආසන්න වශයෙන් අවුරුදු 02 පමණ සිද්ධ වෙන පියවර කිහිපයක්. මෙම පියවර සිදුවෙන අතර තුර ඒ හා සමගාමීව සමහර පියවර කිහිපයක් සිදුකෙරෙනවා. ඒ වගේ සිදුවෙන ප්‍රධාන පියවරක් එහෙමත් නැත්තම් මේ සජීවිකරණ චිත්‍රපටිය නිර්මාණයේදී සිදුවන තවත් වැදගත්ම පියවරක් තමයි Casting එහෙමත් නැත්තම් හඬකවනවා කියන්නේලෝකයේ ප්‍රසිද්ධ ම චිත්‍රාගාර තුල මේ චරිත වලට හඬ කවන හැටි ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.
මෙච්චර වෙලා කතාකරපු ඩ්‍රීම්වර්ක්ස් චිත්‍රාගාරයේ පින්තුරයක් තමයි මේ තියෙන්නේ


